follow us:

හා හා බලාගෙනයි

 

හා හා බලාගෙනයි
දෙතොලේ කටු ඇනෙයි
සිප ගන්නේ ඔය මල් බලාගෙන හොඳේ
මල් පෙතිවලට- යටින් විසකුරු කටු තිබෙයි
හා හා බලාගෙනයි

නිලට නිලේ ගලන ගඟේ//
දිය යට කිඹුල් පොරේ
දියේ තරඟ දිගේ ඇඳෙන
නඟේ සීරුවෙන්

කෝකිලයන් වෙසෙන වනේ //
කපුටන් සතර අතේ
කොවුල් නදට ඇලුම් කරන
නඟේ සීරුවෙන්

පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය :- ආචාර්ය රෝහණ වීරසිංහ

නෙක උයන් වතු මැදින්

 

ගැ:-නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
පි:- සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිත මිතුරු වූ වසත් කාලයයි

ගැ:- සිතු අගින් මතුව ආ සුසුම් රැල්
කොඳ මලක් මත වැටී බොඳව යයි
සිහිනයක් අවදි වී පිය නගයි
අඩ අඳුරු සීත කඳු මාවතේ

පි:- නොම තැවෙන් රාත්‍රිය දිගු විණැයි
හෙට දවස මී විතක් සේ දිසෙයි
නිදැල්ලේ ගලා ගිය ජීවිතේ
නිම්නයක නතර වී ගිම් නිවයි.

පද :- කපිල කුමාර කාලිංග
සංගීතය :- ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය :- විශාරද අමරසිරි පීරිස් සමඟ

දූවිල්ලෙන් සැදුන ලියේ

 

දූවිල්ලෙන් සැදුන ලියේ
බාලොලියේ බාලලියේ//

වෙණ වයනා මිනිස්සුන්ට
වීණාවක් ගෙනත් දෙන්න
දූවිල්ලෙන් සැදුන ලියේ
බාලොලියේ බාලලියේ

ගී ගයනා මිනිස්සුන්ට
පැන් තලියක් ගෙනත් දෙන්න
දූවිල්ලෙන් සැදුන ලියේ
බාලොලියේ බාලලියේ

ගී අහන්න මිනිස්සුන්ට
පන් පැදුරක් එළා දෙන්න
දූවිල්ලෙන් සැදුන ලියේ
බාලොලියේ බාලලියේ ...

පද රචනය :- ජයන්ත චන්ද්‍රසිරි
සංගීතය :- ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
1988 වෙද හාමිනේ ටෙලි නාට්‍ය ගීතය.

කොළොම්තොටින්

 

කොළොම්තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම්තොටට ගොඩ බැස්සේ
අමනකමයි ඒ වෙනුවට…

බෝනික්කන් ඇස් නටවන
ලස්සන හුරුබුහුටිකමට
නැවෙන් ඇවිත් කොළොම්තොටට
ගොඩබැස්සේ අපූරුවට
අපෙ ඇත්තෝ බෝනික්කන් මිල දී ගෙන කාසිවලට
කිරි දරු පැටවුන්ගෙන් නැව පුරවන්නේ ඒ වෙනුවට…

මව් තුරුළේ පිපෙන මලට
ලංසු තියන නොමිනිසුන් ය
දුප්පතුනගේ මල් නෙළමින් ඉසුරු සොයන බැතිමතුන් ය
කිරි දරුවන් විතරක් නොව මාරුවෙලා කාසිවලට
කොළොම්තොටින් නැව් නැග්ගේ අපේ රටේ මනුස්සකම

පද :- රත්මලේ බන්දුල ගුණවර්ධන
සංගීතය :- ආචාර්ය රෝහණ වීරසිංහ

සිහිනයේ දොරකඩ

 

සිහිනයේ දොරකඩ
නොපිපෙන පැතුමකි ඔබ මට
නිදි නැති සිත ගිනි අවුළන
සැඩ මාරුතයක් විය ඔබ මට

මේ තරම් කඳුළු වරුසා//
මේ තරම් ඇයි සොඳුරු යෞවනයට
ජීවිතය මැකෙනා
අවපසේ සඳ විලසට

රැයෙන් රැය දිගු කාලයක් වී//
මේ තරම් ඇයි දුකක් ඔබ අහිමි ව
සෙනෙහසින් වඩිනා
හද සුවඳ කෝ කොතැන ද

පද :- රත්මලේ බන්දුල ගුණවර්ධන
සංගීතය :- ආචාර්ය රෝහණ වීරසිංහ

සඳගිරි පව්ව

 

සඳගිරි පව්ව කොහේදෝ
මගෙ සඳ කිඳුරු කොහේදෝ
මට කියන්න කියන්න මා
සොවින් තැවෙන චන්ද කින්නරී

අපි ගෙයින් ගෙයට යන ගමනේ
කුලී ගේක නැවතී
කවි සිංදු කියා අත පෑවේ
සාගින්දර ඇවිළී
මහ රෑ කළුවර
නුඹ කොහෙ ගෙන ගියා ද
හිමි සඳුනි

නිල් වනාන්තරේ ගිනි ගනීවී
සුසුම්වලින් ඇවිලී
නිල් අනෝතත්ත විල හිඳේවී
දුම් දමලා උණු වී
මගේ සඳ කිඳුරා මටම දෙන්න
පින් ඇති වන සතුනී

පද :- රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය :- ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

හසරැල්ලක්

 

හසරැල්ලක් නුහුරු මුවට
සැනසිල්ලක් නොමැති සිතට
පවනැල්ලක්වත් හමන්න
ජීවිතයේ මද්දහනට

දැනුමට ලද නෙක සහතික
ඉකිලන කල ගෙයි මුල්ලක
උස් අසුනට යන මාවත
අපට නොවේ ඇරුණේ
ගොමරිටි යන වතුරෙනි
ලොව පැන් සනහන්නේ

මව්පිය විවරණ ලබමින
උන් සුවපත් කරන සිහින
පොල් අතු පියසින් ගලනා
පිනි වැස්සෙන් මැකුණේ
මේ හැටි දඩුවම් ලබනට
කළ වරදක් නොදැනේ

පද :- වසන්ත කුමාර කොබවක
සංගීතය :- රෝහණ වීරසිංහ